Thursday, October 31, 2019

ලොව විශාලම පුස්තකාලය

British Library-බ්‍රිතාන්‍ය පුස්තකාලය 


https://www.google.com/url?sa=i&source=images&cd=&cad=rja&uact=8&ved=2ahUKEwi17OuPqsLlAhWRHxQKHUK_AiIQjhx6BAgBEAI&url=https%3A%2F%2Fen.wikipedia.org%2Fwiki%2FBritish_Museum_Reading_Room&psig=AOvVaw2BgwzkATsZQkkhNhJhz9zZ&ust=1572468035989012
British Museum Reading Room
පොත් මිලියන 14 කියන්නේ  අපිට හිතාගන්නවත් පුලුවන් ප්‍රමානයක් නෙමෙයි නේද ? ඔව් ඒ තරම් පොත් ප්‍රමාණයක් තියෙන නිසා තමයි  බ්‍රිතාන්‍ය පුස්තකාලය (British Library) අද වන විට ලොව විශාලම පුස්තකාලය වෙන්න එක හේතුවක් වෙලා තියෙන්නේ.
ඉතින් යාලුවනේ අද අපි විස්තර හොයන්න යන්නේ මේ තරම් සුවිශාල පොත් ප්‍රමානයක් තිබෙන ලෝකේ විශාලතම පුස්තකාලය ගැන.

01.කොහෙද  මේ තරම්  සුවිශාල  පුස්තකාලය තියෙන්නේ ?


  • බ්‍රිතාන්‍ය පුස්තකාලය කිව්වම හැමෝටම තේරෙනවනි මේක පිහිටලා තියෙන්නේ බ්‍රිතාන්‍යයේ කියලා ,හරියටම කිව්වොත් නම්  London නගරයේ  Euston Road හි තමයි පිහිටලා තියෙන්නේ.ලන්ඩනයේ ශාන්ත පැන්ක්‍රස් හි යූස්ටන් පාරේ (යුස්ටන් දුම්රිය ස්ථානය සහ ශාන්ත පැන්ක්‍රස් දුම්රිය ස්ථානය අතර)
  •  West Yorkshire සහ Boston Spa අසල ලේඛන ගබඩා මධ්‍යස්ථානයක් සහ කියවීමේ කාමරයක් ඇත. 

02.මෙන්න තියෙනවා  පුස්තකාලය ගැන සම්පූර්න  විස්තර  ටික 


  • බ්‍රිතාන්‍ය පුස්තකාලය යනු එක්සත් රාජධානියේ ජාතික පුස්තකාලය  (National library ) වන අතර ලැයිස්තුගත කර ඇති අයිතම ගණන අනුව ලෝකයේ විශාලතම ජාතික පුස්තකාලය වේ. 
  •  1200 කට අධික පාඨකයින් සඳහා පුස්තකාලයේ ඉඩකඩ තිබෙන බවත් සඳහන්වෙනවා.
  • 1973 වසරේ ජූලි 1 වෙනිදා ඒ කියන්නේ දැනට වසර 46 කට පමණ ඉහතදී තමයි මේ පුස්තකාලය පිහිටවලා තියෙන්නේ. 
  • බොහෝ රටවලට අයත් විවිධ  අයිතම මිලියන 170-200 අතර ප්‍රමානයක් මේ පුස්තකාලයේ  අඩංගු බව ගණන් බලා ඇත.
  •  නෛතික තැන්පතු පුස්තකාලයක් (legal deposit )ලෙස, එක්සත් රාජධානියේ සහ අයර්ලන්තයේ නිෂ්පාදනය කරන ලද සියලුම පොත් වල පිටපත් බ්‍රිතාන්‍ය පුස්තකාලයට ලැබෙනවා  කියලා තමයි විස්තර සඳහන් වෙන්නේ.                  [නෛතික තැන්පතු පුස්තකාලයක් කියලා කියන්නේ- පුද්ගලයෙකුට  හෝ කණ්ඩායමකට අයත්  තම ප්‍රකාශනවල පිටපත් සාමාන්‍යයෙන් රජයේ  පුස්තකාලයකට හෝ ගබඩාවකට ඉදිරිපත් කිරීම නීතිමය අවශ්‍යතාවයකි. මේ අවශ්‍යතාවය බොහෝ දුරට පොත් සහ  සඟරා වලට සීමා වෙනවා. සාමාන්‍යයෙන් ඕනෑම රටක ජාතික පුස්තකාලය තමයි මෙම පිටපත් වල ගබඩාව විදියට තියෙන්නේ.]
  • මෙම පුස්තකාලය සංස්කෘතික, මාධ්‍ය සහ ක්‍රීඩා දෙපාර්තමේන්තුව විසින් අනුග්‍රහය දක්වන (පවත්වාගෙන යනු ලබන)  දෙපාර්තමේන්තු නොවන මහජන ආයතනයක් කියලත් සඳහන් වෙනවා.
  • බ්‍රිතාන්‍ය පුස්තකාලය ප්‍රධාන පර්යේෂණ පුස්තකාලයක් කියලත් සදහන් වෙනවා.[මේ පන්ඩිතයා වගේ කියවගෙන ගියාට  දන්නේ නෑ නේද පර්යේෂණ පුස්තකාලයක්  කියන්නේ මොකද්ද කියලා]
  •  විෂයයන් එකක් හෝ කිහිපයක් පිළිබඳ ගැඹුරු තොරතුරු එකතුවක් අඩංගු පුස්තකාලයකට තමයි පර්යේෂණ පුස්තකාලයක් කියලා කියන්නේ. 
  • විශාල විශ්ව විද්‍යාල වල පුස්තකාල, පර්යේෂණ පුස්තකාල ලෙස සලකනු ලබනවා. බොහෝ විට එවාට විශේෂිත ශාඛා පර්යේෂණ පුස්තකාල බොහොමයක් අඩංගු වේ.
  • පර්යේෂණ පුස්තකාල එක්කෝ     01.විමර්ශන පුස්තකාල විය හැකිය.(විමර්ශන පුස්තකාල කියන්නේ  -පුස්තකාලය ඇතුලෙදි විතරක් ඒවගෙ තියෙන පොත් පත් වගේ දේවල් බාවිතා කිරීමට ඉඩ දෙන )  ඒ කියන්නේ   ඒවායේ වත්කම් ණයට නොදෙන(ගෙදර අරගෙන ගිහින් බලන්න නොදෙන)  ,එහෙම නැත්නම්    02.ණයට දෙන (ගෙදර අරන් ගිහින් බලන්න දෙන ) දෙන පුස්තකාල විය හැකිය. 
  • සමහර අතිශය විශාල හෝ සාම්ප්‍රදායික පර්යේෂණ පුස්තකාල  ඒවායේ කිසිදු ද්‍රව්‍යයක් ණයට දෙන්නේ නැත.

03.මොනවද මේ පුස්තකාලය ඇතුලේ තියෙන්නේ ?  


  • බොහෝ භාෂාවලින්  සහ බොහෝ ආකෘතිවල මුද්‍රිත හා ඩිජිටල්  පොත්, අත් පිටපත්, සඟරා, පුවත්පත්,  ශබ්ද සහ සංගීත පටිගත කිරීම්, වීඩියෝ, නාට්‍ය-පිටපත්, පේටන්ට් බලපත්‍ර, දත්ත සමුදායන්, සිතියම්, මුද්දර, මුද්‍රණ, චිත්‍ර මේ පුස්තකාලයේ තියෙනවා කියලා තමයි කියන්නේ.
  •  පුස්තකාලයේ එකතුවට පොත් මිලියන 14 ක් පමණ ඇතුළත් වන අතර   සැලකිය යුතු අත්පිටපත් හා ක්‍රි.පූ 2000 තරම්  ඓතිහාසික භාණ්ඩ අඩංගු වේ.
  • එක්සත් රාජධානියේ සහ අයර්ලන්තයේ නිපදවන සෑම ප්‍රකාශනයකම පිටපතක් ලැබීමට අමතරව (දිනකට දළ වශයෙන් 8,000 ක්), අන්තර්ගතය(පොත්පත් ගබඩා කරගැනීමට) අත්පත් කර ගැනීම සඳහා වැඩසටහනක් පුස්තකාලයට ඇත. 
  • සෑම වසරකම කිලෝමීටර් 9.6 (සැතපුම් 6.0) ක නව රාක්කයක තරමට  පුස්තකාලය සඳහා නව  අයිතම මිලියන 3 ක් පමණ එකතු කරනවා කියලත් සදහන් වෙනවා.

මේ පුස්තකාලය ගැන තවදුරටත් විස්තර පහත මූලාශ්‍ර වලින් ලබාගත හැක.

මූලාශ්‍ර 







ගුවන් යානා ඉතිහාස කතාව

ඉගිල්ලෙන්න හිතපු මිනිස්සු   කුරුල්ලො අහසෙ ඉගිලෙනව දැක්ක දවසෙ ඉඳලම මිනිස්සුනටත් ඕනි උනේ ඒ වගේ අහසේ  ඉගිලෙන්න .