ඇස්බැස්ටෝස් කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු ගැන
ඒත් මේ කියන්න යන්නෙ ඇස්බැස්ටෝස් ගැන ඊට වැඩිය කතාවක් , ඇස්බැස්ටෝස් කියන්නෙ මොනවද කියලා සරලවම කිව්වොත් නම් ගිනි දැල් වලට දැමූ විට උනු වී දියවන හෝ නොපිලිස්සෙන ද්‍රව්‍යක්. උනුසුම රදවා ගැනීමට උපකාරී වන ද්‍රව්‍යක් එකට හේතුව වෙන්නේ ඇස්බැස්ටෝස් තුලින් උනුසුම වහනය වීඉම සිදු වන්නෙ ඉතා සෙමින් වීමයි. ඇස්බැස්ටෝස් ගැන කියද්දි ඊලග මුලින්ම කියන්න ඕනි දේ තමයි ඇස්බැස්ටෝස් වලට පෙනහලු රෝග ඇතිවීමෙ අවදානමක් තියෙනවා කියන එක.අපි මේ ගැන මාතෘකා කීපයකින් කතා කරමු එතකොට වඩාත් පැහැදිලි වෙයි කියලා හිතනවා
කොහොමද ඇස්බැස්ටෝස් හදන්නෙ ?
ඇස්බැස්ටෝස් වර්ග කිහිපයක් තියෙනව ඒ උනත් ඒව සියල්ලම ගල්පර වල ඇති ඛනිජ ද්‍රව්‍ය වලින් තමයි හදන්නෙ . ගල්පර කැනීම් කරලා එවා රෝලර හා ක්‍රශර තුලින් යවලා කුඩු කරගන්න ගල්වලින් ඇස්බැස්ටස් තනතු වෙන් කරගන්න ඕනි .මේ තන්තු එකට කැටිම සිදු කරලා සහ වියා හෝ එකට තද කරලා තමයි ඇස්බැස්ටෝස් ආශ්‍රිත නිශ්පාදන සකසනු ලබන්නෙ.මේ විදියට ඇස්බැස්ටෝස් ටොන් 5ක් ලබා ගන්න නිතරම ගල් ටොන් 100 කුඩු කරන්න ඕනි කියලා තමයි කියන්නෙ.
කොහෙද ඇස්බැස්ටෝස් සඳහා කැනීම් කරන්නෙ ?
ඇස්බැස්ටෝස් වලින් තියෙන ප්‍රයෝජන සහ මොනවද ඇස්බැස්ටෝස් වලින් හදන්නෙ ?
අපි මුලින්ම බලමු මේ ඇස්බැස්ටෝස් වල තියෙන විශේෂ ලක්ශන මොනවද කියලා ,
- එක තමයි ඇස්බැස්ටෝස් කියන්නෙ ගිනි රෝධක ද්‍රව්‍යක් ඒ කියන්නෙ නොපිලිස්සෙන ද්‍රව්‍යක්
- උනුසුමරඳවා ගන්න උපකාරී වන ද්‍රව්‍යක්
- ඇස්බැස්ටෝස් හරහා විදුලිය ගලාගෙන යෑමක් සිදු වන්නෙත් නැහැ
ඇස්බැස්ටෝස් වලින් මොනවද හදන්නෙ ?
*ඇස්බැස්ටෝස් තන්තු සහ සිමෙන්ති ජලය සමග එකට මිශ්‍ර කිරීමෙන් ගිනි රෝධක ඇස්බැස්ටෝස් සිමෙන්ති තහඩු නිශ්පාදනය
*ඇස්බැස්ටෝස් සිමෙන්ති මගින් ඇතැම් නල මාර්ග නිශ්පාදනය
*ශක්තිමත් කල ප්ලාස්ටික් නිශ්පාදනයට
*රසායනික කර්මාන්තයේදී ගබඩා භාවිත නිශ්පාදනයට
*රොකට් සඳහා උනුසුම ආවරණ තහඩු නිශ්පාදනය කිරීම
*ගිනි රෝධක රෙදි නිශ්පාදනයට
ඇස්බැස්ටෝස් වල තියෙන අන්තරායන් මොනවද ?
ඇස්බැස්ටෝස් නිශ්පාදනය කරනකොට වාතය නිතරම ඉතා සියුම් තන්තු වලින් පිරිලා යනවා .මේ නිසා තමයි බොහෝ අන්තරායන් ඇති වෙන්නේ. අතිතයේ කම්කරුවන්ගේ නොදැනුවත් බව නිසා නිතරම මේ තන්තු වලින් පිරි වාතය ආශ්වාස කිරීමෙන් ඔවුහු බොහෝ දෙනෙක් පෙනහලු රෝග වලට ගොදුරු වෙලා තියෙනවා මේ විදියට ඇස්බැස්ටෝස් තන්තු අස්වාසයෙන් වැළඳෙන පෙනහලු රෝගය හඳුන්වන්නේ "ඇස්බැස්ටෝසීස්" කියලා . මේ රෝගය වැළඳුනු රෝගියෙකු ගන්නේ ඉතා කෙටි හුස්ම කියලා තමයි වාර්තා වෙන්නේ . තවද අවාසනාවට වගේ ඇස්බැස්ටෝස් තන්තු පිලිකා ඇති වීමටත් හේතු විය හැකිය විශේෂයෙන්ම පෙනහලු පිළිකා . කෙසේ වෙතත් ඇස්බැස්ටෝස් දූවිලි ආශ්වා කිරීමේ භයානක බව අද ඉතා ප්‍රසිද්ධය.මේ නිසා සෞඛ්‍ය ආරක්ශන නීති මගින් ඇස්බැස්ටෝස් සේවකයින් ආරක්ෂා කර ඇත. ඒ අනුව ඔවුන් මුව ආවරණ සහ ආරක්ශිත ඇදුම් පැළඳීම මෙන්මන් නිතර වෛද්‍ය පරීක්ෂකවලට භාජනය විය යුතුය.
හොදයි කියල හිතෙනව නම් හරි අඩුපාඩු තියෙනවා නම් හරි comment කරන්න ස්තූතියි!






2 comments:
හිතුවෙවත් නැ මේව හදන්නෙ මෙහෙම කියල... දිගටම ලියන්න වැඩේ පට්ට❤
👍👍👍
Post a Comment