ඉගිල්ලෙන්න හිතපු මිනිස්සු
කුරුල්ලො අහසෙ ඉගිලෙනව දැක්ක දවසෙ ඉඳලම මිනිස්සුනටත් ඕනි උනේ ඒ වගේ අහසේ ඉගිලෙන්න .
කොහොමත් මිනිස්සුන්ට තව කවුරුහරි මොනවහරි හරි කරනවා දැක්කොත් ඒකම කරන්න ඕනි නේ . හැබැයි ඉතින් එක අතකට ගත්තම ඕකම තමයි මිනිස්සුන්ගෙ දියුනුවටත් හේතු වෙලා තියෙන්නේ කියලා මට හිතෙනවා.
ඉතින් මිනිස්සු වසර සියගාණක ඉඳල ,තමන්ගේ ඇගේ පියාපත් සවිකරගෙන ඉගිලෙන්න උත්සාහා කරා එහෙම නැත්නම් කුරුල්ලෝ වගේ පියාපත් ගහන්න පුලුවන් යන්ත්‍ර නිර්මාණය කරලා බැලුවා.නමුත් 17 වෙනි සියවස වගේ වෙද්දි ඉතින් අපේ එවුන් ටික කොහොම හරි තේරුම් ගත්තා අපිට කවදාවත් කුරුල්ලො වගෙ නම් ඉගිලෙන්න බෑ වෙන ක්‍රමයක් හොයාගන්න ඕනි කියලා .
ඊට පස්සෙ ඉතින් අපේ කට්ටිය කොහොමහරි මුල්කාලේ ගුවන් යානා හදන්න ගියාම තිබ්බ ප්‍රදානම ගැටලුව උනේ පොළොවෙන් උඩට ගියාට පස්සෙ යානය පාලනය කරගන්න විදිය දන්නෙ නැති එක. එහෙම කිව්වට දෙතුන් දෙනෙක් වගේ පොඩි පොඩි සාර්ථකත්වයක් පෙන්නුවා.
හුමාලයෙන් බලගැන්වූ ගුවන් යානා
1890 දී ප්‍රංශ ජාතික ක්ලෙමෙන්ට් ඇඩර් විසින් හුමාලයන් බලගන්වපු යානයක නැගිලා ගුවන් ගතවෙන්න උත්සාහ කරත් ඔහුට යානය ගුවනේ රඳවාගන්න නම් හැකියාව ලැබෙන්නෙ නැහැ. 1894 දී ඇමෙරිකානුවෙකු වූ ශ්‍රීමත් හිරාම් මැක්සිම් හුමාලයෙන් බලගැන්වූ දැවැන්ත යානයක් හදලා තියෙනවා ඒකට පියාපත් දෙකක් වගේම එන්ජින් දෙකකුත් තිබුනා කියලා තමයි කියන්නෙ හැබැයි ඉතින් මේ දැවැන්ත යානයටත් පොලවෙන් ඉහලට නගින්න හැකි වෙලා තියෙන්නේ තත්පර කීපයකට විතරයි.පොළොවෙන් ඉහලට නැගීම
ග්ලයිඩර් වලින් තමයි ඉතින් මේ විදියට මුලින්ම අපේ කට්ටියට සාර්තකව ගුවන්ගත වෙන්න පුලුවන් උනේ . හැබැයි ඉතින් ග්ලයිඩර් කියන්නෙ එන්ජිමක් එහෙම නැති සැහැල්ලු ගුවන් යානා වලට .
දැන් හිතනවා ඇති කොහොමද මේ ග්ලයිඩර් පොලොවෙන් උඩට ගන්නෙ කියලා ඒකටත් එයාලා යොදාගත්තෙ හරිම සරල ක්‍රමයක් ,කුඩා කදු දිගේ පහලට දුවගෙන ගිහින් . හරියට නූතන ග්තලයිඩර් වල නියමුවන් කරන ආකාරයටම තමයි .
මෙයාලා යානය පාලනය කරල තියෙන්නෙ ග්ලයිඩරය පදවන්නාගේ බර පැත්තෙන් පැත්තට සහ ඉදිරියටත් පසුපසටත් මාරු කරමින් තමයි.
පළමු සැබෑ ගුවන් ගමන
අපි හැමෝම දන්නවා ගුවන් යානය හොයාගත්තෙ රයිට් සහෝදරයෝකියලා ,මේ කියන්න යන්නෙ අපි ඒ ගැන ටිකක් නොදන්න කතාව .
ඕවිල් රයිට් සහ විල්බර් රයිට් කියන්නෙ පොඩි කාලෙ ඉදලම පියාසර කරන එක ගැන ආසාවක් තිබ්බ දෙන්නෙක්. මේ දෙන්නා එයාලා ඉපදුන නගරයේම පාපැදි නිශ්පාදන සමාගමක් ආරම්භ කරලා ඒකෙන් ලැබෙන ලාබයෙන් තමයි අත්හදා බැලීම් වල යෙදිලා තියෙන්නෙ.
මෙයාලත් ඉස්සෙල්ලාම ග්ලයිඩර් වලින් තමයි අත්හදා බැලීම් කරේ ,මේ විදියට මෙයාලා උතුරු කැරොලිනාහි කිටී හොක්වල වැලිකදු මතින් සාර්තකව පියාසර කරා.ඊට පස්සෙ මෙයාලා තමන්ගේ අලුත්ම ග්ලයිඩරයට සවිකරන්න සුදුසු එන්ජිමක් හොයලා තියෙනවා, ඒ කියන්නේ සැහැල්ලු වගේම ප්‍රමාණවත් තරම්
බලසම්පන්න එකක්.
නමුත් ඒ කාලෙ තිබ්බ මෝටර් රථ එන්ජින් ඒ සඳහා ගැලපුනේ නැති නිසා එයාලා තීරනය කරනවා එයාලගෙම එන්ජිමක් නිර්මාණයකරන්න. ඉතින් මේ විදියට එයාල හදපු එන්ජිම අශ්වබල 12 ක බලයක් නිපදවූ අතර රාත්තල් 15 ක (7kg) පමණ බරකින් යුතු උනා. එහි සිලිනඩර කට්ටලය යොදල තිබුනා කියන්නෙ කුඩා මෝටර් රථ එන්ජිමක වගේ එක පෙළට. ඒවගේම යන්ත්‍රයේ පියාපත් ලෙස යොදාගෙන තිබිලා තියෙන්නෙ රෙදිවලින් ආවරනය කරපු බිඳෙන සුලු ලී රාමු දෙකක්.
තටු වලට පිටුපසින් තිබ්බ ලී ප්‍රචාලක දෙකේ හැරවීම් කරලා තියෙන්නෙ එන්ජිම මගින් .තටු දෙකේ අග්ගිසේ ඉඳල ඉනට සම්බන්දකල කම්බි සමග නියමුවා මුනින් අතට වැතිරිලා තමයි යානය පදවලා තියෙන්නෙ. නියමුවාගෙ උකුල් දෙපැත්තට පැද්දීමෙන් තටු දෙපසට අඹරීම මගින් තමයි පියාසර කරන යානයේ සමබරතාව රැකගන්නට හැකිවෙලා තියෙන්නේ.
ඉතින් දැන් තමයි කතාවේ හොදම කොටස
රයිට් සහෝදරයෝ දෙන්නා මේ යානය නම් කලේ ''ෆ්ලයර් '' කියලා. 1903 දෙසැම්බර් 17 වෙනිදා ඕවිල් රයිට් සහෝදරයා ෆ්ලයර් යානයෙන් තත්පර 12 කට ගුවන්ගත වෙනවා.මෙහිදී ආවරනය වූ දුර අඩි 120 (37) පමණවිය.
එදිනම හතරවන උත්සාහයේදී විල්බර් රයිට් තත්පර 59 ක කාලයක් පියාසර කරමින් අඩි 852 (260m) දුරක් ආවරනය කළේ තද සුළගකටද එරෙහිවය .
( ගුවන් යානයේ විකාශනය තවත් ඉදිරි ලිපි පෙලකින් බලාපොරොත්තු වන්න)
මම blog එකක් ලියන පලවෙනි අවස්තාව ඉතින් හොදයි කියල හිතෙනව නම් හරි අඩුපාඩු තියෙනවා නම් හරි comment කරන්න . ස්තූතියි!



